SPHERE Sphere Research and Advocacy
← Back to Blog

ආනන්දපුරම් ගම්මානය බවට පත්වූ බතලගොඩ වත්ත

2023.8.14 වෙනිදා තලෛයි මන්නාරමේ සිට මාතලේ දක්වා මලෛහ ජනතාවගේ අභිමානවත් අයිතීන් දිනා ගැනීම උදෙස සිදු කරන ලද පාගමනෙදී බතලගොඩ වත්ත ත් එහි මිනිසුන් තමන්ගේ ඉඩම් අයිතීන් වෙනුවෙන් සටන් කරන බව දැනගැනීමට ලැබීම...

ආනන්දපුරම් ගම්මානය බවට පත්වූ බතලගොඩ වත්ත

2023.8.14 වෙනිදා තලෛයි මන්නාරමේ සිට මාතලේ දක්වා මලෛහ ජනතාවගේ අභිමානවත් අයිතීන් දිනා ගැනීම උදෙස සිදු කරන ලද පාගමනෙදී බතලගොඩ වත්ත ත් එහි මිනිසුන් තමන්ගේ ඉඩම් අයිතීන් වෙනුවෙන් සටන් කරන බව දැනගැනීමට ලැබීමෙන් අනතුරුව රුකී අපිද එකකගෙන ඒ වත්තට ගියා. ඒ ගමනේදී මාත්, අනු, සීකේ, තරිදු ජයවර් ධන, අනුරුද්ධ බණ්ඩාර, නිරෝෂ්, ශබීර් හිටිය බව මට මතකයි. එදා අපි ගිය වෙලේ ඔවුන් එවක ජීවත්ව සිටින ප්‍රදේශයේ ඉමක් කොනක් නැතිව අපිට එකකන් ගොස් පෙන්නමින් ප්‍රකාශ කලේ ඔවුන් මෙම ඉඩමේ අවුරුදු 150කට පමණ කාලයක් ජීවත් වන බවත් එපමණ කාලයක් ජීවත්ව සිටියද නිසි නිවසක් තියා වැසිලිකිලියක්වත් නොමැති බවයි. තවදුරටත් ඔවුන්ට මේ දුක ඉවසා සිටිය නොහැකි බවත් ඒ වෙනුවෙන් සටන් කිරීමට තීරණය කළ බව ඔවුන් ප්‍රකාශ කලා. බතලගොඩ වත්තේ ජනතාවට අනුව ඔවුන්ගේ මේ ඉඩම් අයිතිය වෙනුවෙන් සිදු කළ සටන වසර 20කටත් වඩා පරණය. මේ කාලය ඔවුන්ට දායක වුණු උපකාර කළ මාධ්‍යවේදීණ්, ආගමික මධ්‍යස්ථාන, මානව හිමිකම් ක්‍රියාකාරීන්, නිතී ප්‍රජාවන් හා සිවිල් සංවිධාන බොහෝමය. ඒ අනුව ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමේ ගමනේ එක් සුවිශේෂි ඉතිහාසගත සංදිස්ථානයක් ලෙස 2025.6 25 වෙනිදා තමන් අත්පත් කරගත් ඉඩමේ නිවාස සදා එවාට පදිංචි වීම සිදු කරන ලදී.

ඔවුන්ගේ මේ අයිතීන් දිනා ගැනීමේ ගමනින් අපට ඉගෙන ගැනීමට ඇති දේ බොහෝය.

1) අයිතීන් දිනා ගැනීම හා සටන් කිරීම සදහා තීරණයක් ගැනීම

තවදුරටත් වසර 150 ක් කාලයක් පුරාවට ජීවත් වීමේ අවම පහසුකම්වත් නොමැතිව ජීවත් වීම අවසන් විය යුතු බවත් තමන්ගේ අයිතීන් සදහා තවදුරටත් නිහඩව නොසිට සටන් කළ යුතු බව සමුහයක් වශයෙන් තීරණය කිරීම හා ඒ තීරණය මත අඛණ්ඩව කටයුතු කිරීම මෙම අරගලයේ මුලික පදනම විය.

2) අඛණ්ඩවත්වය හා අත් නොහැරීම-

ඔවුන් එම තීරණය මුලින්ම ගන්නේ 2004 වසරේදීය. එය අසාර් ථක අරගලයක් විය. එයින් නොනැති ඔවුන් ඊට වසර කිහිපයකට පසුව නැවතත් ඉඩම් අයිතිය ලබා දෙන ඉල්ලා ඔවුන්ගේ සටන ආරම්භ කරන ලදී.බතලගොඩ වත්තට අවුරුදු ගානක් මුදල් උපයා දුන්න පසුවත් තමන්ට එම වත්තෙන් බිම් අගලක්වත් ලබා දෙන්නේ නැතිද යන්න ප්‍රශ්න කළ සැනින් ඔවුන්ට ඉඩම් ලබා ගැනීමට නොහැකි විය. මේ සමස්ත කාලය පුරාවට පොලිසිය චුදිතයන් ලෙසද, අධිකරණයන් හී වගඋත්තකරුවන් ලෙස උත්තර බදින්නට සිදු වී ඇත . ඉඩම් නඩු සදහා උසාවි යෑමට ඒ සදහා නීතිඥ සහය ලබා ගැනීමටත් ඒ නිසා දවස් ගනන් දෛනික වැටුප් අහිමි කරගනිමින් උසාවි යැමට සිදු වී ඇත. වතු වැඩ තහනම් වීම, ලයිම් කාමර වලින් එළියට දැමීම් වැනි සිදුවීම් ගණනාවක් මේ කාලය පුරාවට ඔවුන්ට මුහුණ දෙන ලදී.නමුත් ඔවුන් අත්නොහැර කෙසේ හෝ මේ ඉඩම් අයිතිය ලබා ගන්නා වු සටන ඉදිරියට ගෙන යන ලදී.

අවසානයේදි අයිතිකරුවන් සමග සිදු කරන ලද සාකච්ජාවක ප්‍රතිපල ලෙස අයිතිකරුවන් විසින් පර් චර්ස් 10 බැගින් වත්තේ පදිංචි පවුල් වලට ලබා දීමට කැමැත්ත පල කරන ලදී.ඉන් පසුව ආ ගැටලුව වන්නේ ඉඩම් ලබා ගත්තද වතු අයිතිකරුගේ කොන්දේසිය වුයේ ඉඩම් ලබා දීමට කැමැති වු දිනයේ සිට මාස 6 ක් තුළ දැනට ජීවත් ව සිටින ලැයිම් කාමර වලින් ඉවත් විය යුතු බවයි. වසර ගනාවක් වත්තේ සේවය කල මේ මිනිසුන්ට ගෙයක් සෑදිමට තරම් ප්‍රමාණවත් මුදලයක් නොමැති වීඹ ඉතා පැහැදිලියි. එහෙම පසුබිමකය සුරේෂ් ලබා ගත් ඉඩම් අයිතිය තහවුරු කරගැනීමට නිවාස සදා ගැනීමට උපකාර කිරීමට මැදිහත් වෙන ලද්දේ. සුරේෂ් හා ඔහුගේ කණ්ඩායමත් සමගම මොවුන් අයෙමත් නිවාස සදා ගැනීමට මහන්සි වෙන ලදී. එහිදී ඔවුන් හා බාහිර පාර් ශවයන් ගේ දායාකත්වයෙන් නිවාස සාදා ගැනීමට ඔවුන්ට හැකි වීය. නමුත් ඔවුන් අත්නොහැර කෙසේ හෝ මේ ඉඩම් අයිතිය ලබා ගන්නා වු සටන ඉදිරියට ගෙන යන ලදී.

3) නීතියම සහනසේම සාකච්ජා කිරීම් තුළින් උපාය මාර් ගික ව අයිතිීන් ලබා ගැනීමට කටයුතු කිරීම

ඔවුන් ඉඩම් අයිතියේ සටන උසාවිය හරහා නීතිය තුළින් තුලින් තහවුරු කරගැනීමට උත්සහ කිරීමේදී අනික් පසකින වත්තේ ජීවත් වන ඔවුන් සදහා යම් බිම් කොටසක් වෙන් කරගන්නේ කෙසෙද් යන්න අයිතිකාර පුද්ගලයන් සමග සාකච්ජා කරන ලදී .ඔවුන් සිදු කිරීමට හැකි සෑම දේම සිදුකර ඇත. හමු වීමට හැකි සෑම පුද්ගලයන්වම හමු වී කතා කර විසදුම් සෙවීමට උත්සුක වී ඇත.

4) බාහිර පාර් ශවයන්ගෙන් ඒ ඒ අවස්ථාවට අනුව සහය ලබා ගැනීමට කටයුතු කිරීම.

බතලගොඩ ජනතාවගේ සටන පිළිබද දැනගත් බොහෝ පිරිස්, සිවිල් සංවිධාන, නීති ප්‍රජාවන් හා ජනමාධ්‍යවේදීන් ඔවුන්ට සහය ලබා දෙන ලදී. ETP, EPFලබා ගැනීමේ සිට නිවාස අයිතිය ලබා ගැනීම වන තුරුම විවිධ පුද්ගලයන් හා ආයතන ඔවුන්ට සහය ලබා දෙන ලදී. ඇතැම් පුද්ගලයන් වැඩි බරක් දරමින් සටන පුරාවටම සිටින ලදී. ඒ සියල්ලන් සමග සාකච්ජා කරමින් ඒ ඒ අවස්ථාවට උචිත උපදෙස් ලබා ගනිමින් වැඩ අවසන් කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.

5) නායකත්වය

බතලගොඩ අරගලයේ මම දැක්ක වටිනාම ලක්ෂණයක් වුයේ කාන්තා නායකත්වය. ඔනෑම ක්‍රියාවලියක් තුළ නායකත්වයත් සාමුහිකත්වයත් දැක ගැනීමට හැකි වෙනවා. වසර ගනනාවක් වත්තේ වැඩ කරමින් අයිතිකරුවන්ගෙන් පීඩනයට ලක් වෙමින් සිටි මේ ජනතාව තුළ දීර් ඝ හා අපහසු සටනකට නායකත්වය දීම අපහසුය. නමුත් එහි කාන්තා නායිකයන් ඉතා ශක්තිමත් ලෙස සම්බන්ධීකරණය කරමින් නායකත්වය දරන ලදී.

රුකී හැමදාම අපිට කියනවා වගේ අරගලයක් හෝ සටනක් යනු එක දවසකින් දිනා ගැනීමට හැකි දෙයක් නොවේ. එය සාර් ථක විීම් අසාර් ථ වීම් ගනනාවක් තුළ බොහෝ කාලයක් ගත වන ක්‍රියාවලියක් විය හැකිය. එය සැබැවින්ම ක්‍රියාවලියකි. අදියරයෙන් අදියරය ගමන් කළ යුතු මාර් ගයකී. මගේ නීරික්ෂණ අනුව ආනන්දපුරම් ගම්වාසින් අයිතින් දිනා ගැනීම සදහා ගත හැකි සෑම පියරවක්ම ගැනීමට කටයුතු කරන ලදී. විශේෂයෙන්ම බොහෝ බාහිර පාර් ශවයන්ගෙන් සහය ලබා ගනිමින් ඔවුන්ගේ සටන ශක්තිමත්ව සිදු කරන ලදී. ඒ ඒ සෑම පුද්ගලයක්ම යම් වු ආකාරයේ කොටසක් දායකත්වයක් මේ අරගලයට සිදු කර ඇත. නමුත් ඒ සියල්ල අතරින් ඔවුන්ගේ අඛණ්ඩත්වයයි අත් නොහරින සටනයි වඩා වැදගත් වේ. ඔවුන්ගේ ඉඩම් අයිතිය දිනා ගැනීමේ ගමන තවම අවසන් නැත. අයිතිකරුවන් විසින් ඉඩම් ලබා දිය යුතු වේ. ගම්මානයක් ලෙස ගොඩ නැගීමට සිදු කළ යුතු වේ.

Read More - https://www.facebook.com/share/p/1CKYoCE5K6/?mibextid=wwXIfr

Image 1 Image 2 Image 3 Image 4